Pinned Tweet
A few weeks ago, i was at my lowest point AGAIN, and no one cared. The sad part? Whenever someone is struggling, even without saying it, i try to be there for them. If someone disappears for a few days, i check in to see if they’re okay. I just wish someone did the same for me.
2
300
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
Beneath the blessings of the Buddha,the blessed one, the golden roof of the Sri Dalada Maligawa shines once more, illuminating the sacred heart of Kandy 🙏🏼🇱🇰☸️
බේත් ගන්න ගියා උණට. ඩොක්ටර් ගෙ ගෙදරම තමා pp එක තියෙන්නෙ. ඒ හින්දා ඇතුලට යන්නෙ සෙරෙප්පු ගලවලා. බේත් අරන් එලියට එද්දි සෙරෙප්පු දෙක උස්සලා මට කලින් හිටිය ගොබ්බ හිපාටුවා 😒
1
5
142
Trump Ruins the Entire Harry Potter Saga | Part -1 #HarryPotter Credit-@BloxCoreDE #HarryPotterfanfiction #parody #Ai
🤖 Made with AI
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
Rockstar you broke millions of hearts.
The GTA 6 The GTA 6
Ending we want Ending we got
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
ඔයාගෙ චොයිස් එක වෝට් කරන්න
0%ඉලෙක්ට්‍රික් වාහන
55%ඉන්ධන වාහන
45%ඉන්ධන සහ ඉලෙක්ට්‍රික්
11 votes • 8 hoursමෙහෙමයි සීන් එක හරිද. පෙරේදා ඉඳන් ඇඟ රිදෙනවා. උණ වගේ. ඊයෙ වෙද්දි කැස්ස, හෙම්බිරිස්සාව. රෑ එලි වෙනකන් හච්චින් යනවා. උදේ ඇහැරෙද්දි අම්මටසිරි වෙන්නම සීතලයි. වෙව්ලනවා. බඩු බනිස් වෙන්නම උණ.
1
3
193
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
පන්සලක් හදද්දී පරිසරයයි පෙරහැර කාලෙට විතරක් අලි ඇත්තුයි මතක් වෙන set එකට කීයටවත් නොදකින දේවල්🤮
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
එක්කො ආගම් වලට අපහාස කිරීම නීතිගත කරන්න ඕන. නැත්තම් ඒක හැමෝටම එක ලෙස ක්‍රියාත්මක කරන්න ඕන. එක පිරිසකට එක විදිහකටත්, තව පිරිසකට තව විදිහකටත් ක්‍රියාත්මක කරන මේ නීතිය මොකද්ද?
Hoodlum ƪ(˘⌣˘)ʃ retweeted
2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙද්දී ශ්‍රී ලංකාව තිබුණේ තිබිය යුතු තැන.
ඕනම රටක් තිබිය යුතු තැනක් තියෙනවා.
බොහෝ වෙලාවට ඒ රට තියෙන්නේ ඒ තිබිය යුතු තැන තමයි.
රටක් තිබිය යුතු තැන තීරණය වෙන්න සාධක ගණනාවක් බලපානවා.
එකක් රටේ ප්‍රමාණය. රට පවතින කලාපය. රටේ භූගත සම්පත්. රටේ පවතින ලෝකයට විකිණිය හැකි දේවල්.
අනෙක් සාධකය තමයි රටේ මිනිස්සු.
ඔවුන් කොච්චර බුද්ධිමත් ද, කාර්යශූර ද, කොච්චර නිර්භීත ද, ඔවුන්ගේ ජාන සැකැස්ම කොහොමද.
මේ තත්ත්වයන් එක්ක තමයි රටක් තිබිය යුතු තැන හැදෙන්නේ.
යුරෝපයට වඩා අප්‍රිකාවේ සම්පත් තිබුණා. අප්‍රිකාව මහා ධන සාගරයක්.
හැබැයි මිනිස්සුන්ගේ බුද්ධිය, එකමුතුකම, නිර්භීතකම වගේ සාධක වලින් ඔවුන් හිටියේ පසුපසින්.
එම නිසා යුරෝපයෙන් නැව් වල ආපු යුරෝපීය ජාතිකයො, අප්‍රිකාවේ යටත් විජිත හැදුවා. අප්‍රිකාවෙන් තෙල්, දියමන්ති, මැණික් ලබා ගත්තා.
අප්‍රිකානු මිනිස්සු වහල්ලු විදියට අරන් ගියා. ඔවුන් ලවා කපු වැව්වා.
අදටත් අප්‍රිකාවේ සම්පත් සූරා කන්නේ යුරෝපය.
යුරෝපය දිව්‍ය ලෝකයක් වෙද්දි අප්‍රිකාව අපායක් වුණා.
ඒ තමයි ස්වභාව ධර්මයේ නීතිය.
2005 වෙද්දි යටත් විජිතකරණයෙන් නිදහස ලබලා අවුරුදු 57 ක් ගත වෙච්ච ශ්‍රී ලංකාව, තමන්ට සුදුසු තැනක හිටියා.
2005 දී ලංකාවේ හොඳ දේවල් තිබුණා.
නිදහස් සෞඛ්‍ය සේවයක්, නිදහස් අධ්‍යාපනයක් තිබුණා.
හැබැයි 2005 දිත් ලංකාව ලෝකයෙන් අවුරුදු 30 ක් පස්සෙන් ඉදපු ගැමි රටක්.
රටෙන් බාගයකට විදුලිය තිබුණේ නැහැ. රටේ සැලකිය යුතු පිරිසකට මූලික විදුලි උපකරණ තිබුණේ නැහැ.
රටේ පාරවල් කැඩිලා. පාරවල් වල තඩි වලවල් තිබුණා.
කොළඹ ඇතුලේ පවා කිලෝමීටර පහ හයක ගමනකට පැයක් ගත වුණා.
බහුතර මිනිස්සු රජයේ රැකියාවකට පොර කෑවා. මෝටර් බයික් එකක් හෝ නොතිබුණු නිවාස විශාල ප්‍රමාණයක් තිබුණා.
පාරේ කුණු පිරිලා. පේමන්ට් එකේ කඩසාප්පු දාලා. වැස්සම පිරිලා ඉතිරෙන කාණු, බෝවන රෝග ආදියෙන් කිසිඳු අඩුවක් තිබුණේ නැහැ.
මේ සියල්ලටම වඩා අප්‍රිකාවේ රටක් වගේ දශක ගණනාවක් ඇදී ගිය රට තුළ අභ්‍යන්තර ත්‍රස්තවාදී යුද්ධයක් තිබුණා.
ආර්ථික මර්මස්ථාන වල බෝම්බ පිපිරුණා. සංචාරකයන් ශ්‍රී ලංකාවට කැමති වුනත් රටට එන්න බය වුණා.
මිනිස්සු බයෙන් සැකෙන්, තියෙන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ජීවත් වුණා.
ගැමි තරුණයාගේ එකම රැකියාව යුද්ධ හමුදාව.
ගැමි තරුණිය එක්කො ලඟම නගරයේ හෝ කටුනායක ගාමන්ට් රැකියාව කළා.
නිදහස් අධ්‍යාපනයක් තිබුණා. හැබැයි එයින් බිහි කළේ බහුතරයක් අකුරු කියවිය හැකි මිනිස්සු.
ලෝකයට ගැලපෙන වෘත්තිකයෙක් හදන තැනක ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තිබුණේ නැහැ.
ශ්‍රී ලංකාවේ එහෙමට මැද පන්තියක් තිබුණේ නැහැ. අද නගර යැයි සැලකෙන කලාප, ඒ කාලයේ තඩි ගම්මාන.
කොළඹ දිස්ත්තිකයේ 'කොළඹ' වුණේ ඉතාම කුඩා බිම් කොටසක් පමණයි.
ඉතිරි කලාපය 'කෝපි කඩේ' රූගත කරපු, කුඹුරු සහ පොදු ලිඳක් තිබුණු ගම්මාන.
මේ තමයි 2005 .
අපේ බුද්ධි මට්ටම, අපේ චින්තනය, අපේ කුසීතකමට අදාල තැනක අපි හිටියා.
ඊටපස්සේ 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා.
මම කියන්නේ මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කර දීම කළ යුතුව තිබුණා.
ඒක සංසාරය පුරා ඵල දෙන මහා පුණ්‍ය කර්මයක්.
අදටත් මහින්ද වටා තියෙන ඔය ආකර්ෂණයට ඒ පිනත් හේතු වෙනවා ඇති.
බුදු දහමට අනුව 'අභය ධානය' යනු කුසලය වැඩිම පුණ්‍ය කර්මය.
නමුත් මහින්ද එතනින් නැවැත්තුවේ නැහැ.
ඔහු පාරවල් හැදුවා. ගමේ පාරවල් පවා 'ඒ' ග්‍රේඩ් කළා.
ඔහු අධිවේගී මාර්ග හැදුවා. රට පුරාම දිවෙන අධිවේගි මාර්ග පද්ධතියක ජාතික සැලසුමක් හැදුවා.
ඔහු වරායවල් හැදුවා. ගුවන් තොටුපළවල් හැදුවා.
ඔහු වරාය නගර හැදුවා. ශ්‍රී ලංකාව ආසියාවේ ෆයිනෑන්ෂල් හබ් එකක් කරන්න සැලසුමක් හැදුවා.
ඔහු කොළඹ නගරය පිලිවෙල කළා. කුණු ඉවත් කළා. මුඩුක්කු ඉවත් කළා. ඔවුන්ට මහල් නිවාස දුන්නා.
පාරවල් හැදුවා. උද්‍යාන හැදුවා. නීති ගෙනාවා. ශ්‍රී ලංකාව ශිෂ්ඨ, ලස්සන නගර ඇති රටක් කළා.
ඔහු රටේ ආර්ථිකය දෙගුණ කළා. ඒක පුද්ගල ආදායම වැඩිකළා.
ඔහු විදුලි බලාගාර හැදුවා. මුලු රටටම විදුලිය දුන්නා.
එක් රැයකින් ජනතාවගේ ජන ජීවිතය සහමුළින්ම වෙනස් වුණා.
ලෝකයේ තිබුණු අලුත්ම තාක්ෂණය ශ්‍රී ලංකාවට රියල් ටයිම් එන්න ගත්තා.
අලුතෙන් කර්මාන්ත හැදුණා. අලුතෙන් රැකියා හැදුණා.
තෝරා ගැනීමට මාර්ග ගණනාවක් ඇති වුණා.
ගමට සල්ලි ගියා. මිනිස්සුන්ගේ අතමිට සරු වුණා.
අලුත් ව්‍යාපාර සහ රැකියා ඇති වුණා. මිනිස්සුන්ගේ අතට මුදල් අතිරික්තයක් ලැබුණා.
සීග්‍රයෙන් මිනිස්සු සංක්‍රමණය වුණා. පැරණි ගම්මාන, වේගයෙන් නගර වුණා.
ඒවා තුළ අලුත් ව්‍යාපාර බිහිවුණා.
ඒ ආර්ථිකය නිසා මිනිස්සු වාහන ගත්‍තා. ගෙවල් හැදුවා.
ගමනාගමනයෙන් දවසට මිනිස් පැය කෝටි ගානක් ඉතිරි වුණා.
ඒ කාලයෙන් සහ ඉතිරි වන මුදලින් මිනිස්සු අලුතෙන් විනෝදාස්වාදය හොයන්න ගත්තා.
ශ්‍රී ලංකාව ලෝකයට සම්බන්ධ වුණා. ආයෝජකයන් ආවා.
ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ හැදුණා.
ඒවාට ගැලපෙන අලුත් වෘත්තිකයන් පුද්ගලික අංශයෙන් හැදුණා. ඒ පුද්ගලික අධ්‍යාපනයට ගැමි තරුණයාට පවා රජයෙන් ණය දුන්නා.
අලුතෙන් පාසල් හැදුවා. ගුරුවරු ගණන වැඩි කළා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය වෙනස් කළා. පාසල් අධ්‍යාපනය සහමුළින්ම වෙනස් වුණා.
රෝහල් හැදුවා. සෞඛ්‍ය පද්ධතියට අලුත් තාක්ෂණය ගෙනාවා.
අලුත් හෝටල් හැදුණා. සාප්පු සංකීර්ණ හැදුණා. ෆ්ලැට් වෙනුවට සැප පහසු අපාර්ට්මන්ට්ස් හැදුණා.
අලුතෙන් හැදුණු මැද පන්තිය ඒවායේ පදිංචි වෙලා, අලුත් වාහනයෙන් ගෙදර ඇවිත්, ජිම් එකට ගිහින්, ස්විමිං පූල් එකටත් ගිහින් ගෙදර ආවා.
හමුදාවට යන්න තිබුණු ගම් වල කොල්ලො සොෆ්ට්වෙයා ඉංජිනියර්ස්ලා වුණා.
ගාමන්ට් යන්න ඉඳපු ගෑණු ළමයි විධායක නිළධාරිණියන් වුණා.
2015 වෙද්දි ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වෙනස්, අලුත් රටක්.
අවුරුදු දහයක් තුළ මහින්ද ශ්‍රී ලංකාවේ කරපු වෙනස, ලී ක්වාන් යූට සිංගප්පූරුවේ කරන්න අවුරුදු විස්සක් ගියා.
ලී ක්වාන් යූ එතන ඉදලා සිංගප්පූරුවේ ඉතිරි දේවල් හදන්න, දූෂණය නැති කරන්න, පද්ධතියේ අවසන් 'ෆයින් ටියුනින්' කිරීමර තවත් අවුරුදු දහයක් ගත්තා.
හැබැයි මහින්ද ශ්‍රී ලංකාව වෙනස් කළත්, ශ්‍රී ලංකාවේ නගර වල පවා ජීවත් වුණේ නාගරිකයො නෙවෙයි, ගැමියො.
(මේ අදහස් කරන්නේ ඉපදිච්ච තැන හෝ ජීවත් වන තැන ගැන කතාවක් නෙවෙයි. මේ කතා කරන්නේ ජීවන රටාවක් සහ සිතුම් පැතුම් රටාවක් ගැන.)
නාගරිකයා බුද්ධිමත්. ශිෂ්ටයි. ඔහුට හිතන්න පුලුවන්. රැවටෙන්නේ නැහැ. රවටන්න බැහැ.
ඔහු ඊර්ෂ්‍යාකාර නැහැ. අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. ඔහු විචක්ෂණශීලියි. ආචාරසම්පන්නයි.
නමුත් ලංකාවේ නගර වල පවා හිටියේ හද්ද ගැමියො.
ඔවුන් එවකට විපක්ෂය සහ ඔවුන්ට උපකාර කළ ජාත්‍යන්තරයේ සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපෘතියට රැවටුණා.
මහින්දගේ රත්තරන් අශ්වයන්ට ඊර්ෂ්‍යා කළා. මහින්දගේ උගන්ඩා සල්ලි ගැන වෛර කළා.
ඔවුන් හිතුවේ 'මේ යකා ඒ කාලේ පැලේ පහන් පත්තු කරන් ඉදපු අපේ ජීවිත වලට කරන්ට් දීලා, වාහන දීලා මෙහෙම හැදුවා නම්, මේ යකා කොච්චර සැප විඳිනවා ඇත්ද' කියලා.
ලෝකයේ වැඩිපුරම ණය ගත්තු රට ඇමෙරිකාව. හැබැයි ලංකාව වෙනස් කරන්න ගත්තු ඩොලර් බිලියන අටක ණයක් ගැන අපේ මිනිස්සු බිල්ලෙක් මවා ගත්තා.
'ඉපදෙන දරුවා පවා ණයයි' කියලා අමු මෝඩ, සංවේදි, සාහිත්‍ය හෑලි ගමේ ගොඩේ කතා වුණා.
මිනිස්සු පාරේ යද්දි පාර හදන්න ගත්තු ණය සහ හොරකම් කළ මුදල ගැන කල්පනා කරන්න ගත්තා.
මහින්ද 2015 දී පැරදුණා.
එතැන් සිට අද දක්වාම ශ්‍රී ලංකාව පසුපසට ගමන් කළා පමණයි.
සැබැවින්ම දැන් යළිත් ශ්‍රී ලංකාව අපිට සුදුසු , රට තිබිය යුතු තැනට ගමන් කරමින් සිටිනවා.
දැන් නැවත මැද පන්තිය සීග්‍රයෙන් ක්ෂය වෙමින් යනවා.
දැන් නැවත මිනිස්සුන්ගේ අතිරික්ත ආදායම විනාශ වෙමින්, අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ දරාගත නොහැකි ජීවිතයක් උරුම වෙමින් යනවා.
දැන් නැවත වාහනයක් සිහිනයක් වෙමින් තිබෙනවා.
දැන් නැවත පාරවල් වල වලවල් හැදෙමින් තිබෙනවා. කාණු පිරිලා උතුරමින් තිබෙනවා.
දැන් නැවත නගර ගඳ ගහනවා. බෝවන රෝග පැතිරෙනවා.
ග්‍රාම්‍ය, නිර්භිත නැති, අවදානම් නොගන්නා, රැවටෙන ජනතාවකට සුදුසු රටක් නිර්මාණය වෙමින් තිබෙනවා.
ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ යනු අඩුම කාලයකින්, ශ්‍රී ලංකාවට වැඩිම වෙනසක් කළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා.
අපගේ ජාතියේ සැබෑ පියා.
මහින්ද කියන්නේ සාගරයක් වැනි මිනිසෙක්.
ඔහු නොකියූ කතා බොහෝමයි. ඒවා දිනෙන් දින හෙළිවෙද්දී ඔහු පිළිබඳ ගෞරවය තවත් වැඩිවෙනවා.
ඔහු ශ්‍රී ලංකාවට සිදු කළ වෙනස, ඔහුගේ කළමණාකාරීත්වය, ඔහු මිනිසුන්ගෙන් වැඩගත් ආකාරය, නායකත්වය, සැලසුම්, සිහින සියල්ල විශ්වීයයි.
මහින්ද යනු ලී ක්වාන් යූටත් වඩා ඉහළින් සිටින, දක්ෂ නායකයෙක්.
ලී ක්වාන් යූට ලැබුණේ යුද්ධයක් නැති, වර්ග කිලෝමීටර 700 ක බිම්කඩක්.
ලී ක්වාන් යූ අවුරුදු තිහක් රට පාලනය කළා. ඉන්පසුව ඔහුගේ පක්ෂය තවම සිංගප්පූරුව පාලනය කළා.
මහින්ද අවුරුදු දහයෙන් මහා වෙනසක් කළා.
මහින්දගේ ජීවිතය ගැන චරිතාපදානයක් නොලියවීම විශාල පාඩුවක්.
විශ්වකර්ම මිනිසාට සුබ උපන් දිනයක් වේවා!
Copied















































































